ඉස්සෙල්ලා ම කියන්න යන්නේ විද්‍යා-ප්‍රබන්දය ගැන නෙවෙයි. ගෙදර ඉදලා සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. මෙකෙත් Adds බැලුවාම මුදල් දෙනවා හැබැයි $0.01ක් එහෙම නෙවෙයි Add එකකට $10 ක් දෙනවා. මේකේ Alertpay එකෙන් මුදල් ගන්න පුළුවන්, Alertpay accounts හදා ගන්නා හැටි කියන බ්ලොග් තියෙනවා. කැමති අය එය උඩ තියෙන Banner (Allstarbux) එක ක්ලික් කරන්න. (Alertpay ගැන විස්තර අවශ්‍යනම් ඉදිරියේ දි කියන්නන්) ඔන්න දැන් විද්‍යා-ප්‍රබන්දයේ පළමුවන කොටස:
මනුර දේශගවෙශකයෙක් පමණක් නොව පුරාවිද්‍යාවට ඉතා ලැදි අයෙකි. ඔහු අවසන් වරට වසරක් පමණ නේපාලයේ සංචාරය කර ලංකාවට පැමිණ මාසයකි. හදිසියෙ ම පුරාවිද්‍යා කැණීම් මඟින් හමු වූ විශේෂිත වෘතාකාර ගල් පතුරක් නිසා මනුරට අනුරාධපුරය බලා යාමට සිත් විය. මෙම ගල් පතුර නැරබීමට තවමත් මහජනයාට විවෘත නොවු බැවින් තමාගේ විදේශ ගවේෂණ සහ පුරාවිද්‍යා පර්යේෂණ පෙන්වා දින තුනක පිරිශ්රමයකින් පසුව විශේෂ අවසර පත්‍රයක් ලබාගැනීමට හැකි විය. එහෙත් මනුරගේ බලාපොරොත්තු සියයට පණහකින් පමණ අඩුවීමට හෙතු වූයේ පුරාවිද්‍යා නිලධාරියකු සමඟ යාමට වීම සහ දුරකථන, කැමරා ආදිය රැගෙන යාමට අවසර නොදිමයි.
“මේක නම් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ...ඝනකම අඟල් පහක් විතර, පොළොව උඩ මඩේ වගේ කිඳා බැහලා , වළලු පහක් තියෙනවා - ඔබතුමාගේ අකමැත්තක් නැත්නම් මම මේක ඇඳගන්නද?”
“කමක් නෑ, හැබැයි ඉක්මන් කරන්න වෙයි. අපිට තියෙන්නේ පැයයි, තව ටිකකින් මෙතැනට කොමසාරිස් තුමා එනවා.”
පුරාවිද්‍යා නිලධාරියාගේ එම වදන් පවසා හමාර වීමට ප්‍රථම මනුර බාගයක් ඇද හමාර ය. පිට වළල්ලේ විවිධ කැටයම් සහිත ලියවැලකි, දෙවැනි වෘතයෙහි කියවිය නොහැකි බ්රග්මි අක්ෂර වලින් යුක්ත ය. අනෙක් වෘත වල ඉලක්කම් සහ තරු රටා දොළහ ඇත. මැද වෘතය ගෝලාකාරය එහි යම් චිත්‍රයක් ඇද තිබේ. රාවණා රජ සමයෙහි අක්ෂරයක් යාන්තමට දිස්වේ. එහි කොන් දෙකේ එනම් උතුර සහ දකුණ මුහුණට මුහුණ සිටින සේ නිල් සහ රතු පැහැති මැණික් ගල් දෙකක් ඔබ්බවා ඇත. “ මේ නිර්මාණය මීට වසර දොළොස් දහසකට පෙර විය යුතුයි.” ඒ සමඟ ම දුරකථනයක් නාද වන්නට විය. පුරාවිද්‍යා නිලධාරියා අත දුරකථනයකි. එය නවීන තාක්ෂණයෙන් හෙබි දුරකථනයක් බව මනුරට දැක ගත හැකි විය.
“ මට ඔය ෆෝන් එක විනාඩියකට දෙනවා ද?”
“මොකට ද?”
“ෆෝටෝ එකක් ගන්න”
“මාව ද, තමුසේට පිස්සු ද?”
පුරාවිද්‍යා නිලධාරියාව පැත්තකට කතා කර තමා දන්නා ශිල්ප, වචන හරඹ සියල්ල පෙන්වා සහ නිලධාරියා ද කලේ වැරද්දක් බව පසක් කර දී දුරකතනය ලබා ගැනීමට සමත් වු මනුර එම ස්ථානයේ ඡායාරූප විශාල ප්‍රමාණයක් විවිධ කෝණයන් ගෙන් ලබා ගෙන තමාගේ පරිගණකය වෙත යැවීමට සමත් විය.
මනුර ඡායාරූප වලට කුමක් කරයි ද?
බ්රග්මි අක්ෂර කියවීමට සමත් වෙයි ද? ඊළඟ කොටසින්...........
ලඟදී ම ඉතිරි ටික දානවා
ReplyDelete