Saturday, October 30, 2010

ගමනාන්තය III

ගමනාන්තය - III

අන්තර් ජාලයේ සිදු වූ ප්‍රමාද දෝෂයක් නිසා විද්‍යා ප්‍රබනිධය ඔබ වෙත ගෙන ඒමට නොහැකි වීම ගැන කනගාටුව මුලින් ම ප්‍රකාෂ කරන්න කැමතියි. විද්‍යා ප්‍රබන්ධ වලට කැමති අය කියවලා ඔයාලගේ වටිනා අදහස් ලියලා එවන්න. මෙන්න කියවන්න ගමනාන්තයේ තුන් වන කොටස:

නැවත පුස්කොළ පොත් සියල්ල කිය වූ මනුරට වෘතය මධ්‍යයේ පිටරාමුවෙහි වූ තද රතු සහ නිල් වර්ණයෙන් යුත් මැණික් බදු දිලිසෙන ස්ථාන දෙකක් හමු විය. එසෙම මෙම දෙකෙන් එක් තැනකට ගමනාන්තය සුසර කලයුතු බව අවබෝධ විය. කුමන ස්ථානයට ද යන්න තවමත් ප්‍රහෙලිකාවකි. පුස්කොළ පොත් වල පිටු අතුරු දන් වී ඇති බව ඔහුට දැනින. තවද ඔහුගේ සිතෙහි නලියන තවත් නොවිසිදුනු ප්‍රස්නයක් වූයේ මෙම ගමන් කිරීම සඳහා ශක්තිය ලබාගන්නේ කෙසෙ ද?, කොහෙන් ද? යන්න ය. එක වගේ පුස්කොළ විශාල ප්‍රමාණයක් නිසා විවිධ තොරතුරු අතර මනුර අතරමං වූ සෙයක් ඔහුගේ මුහුණෙන් දිස් විය. කෙසේ හෝ මෙම ශක්ති ප්‍රමාණය සොයා ගත හොත් කාල දොරටුවෙන් ගමන් කිරීම ඔහුගේ පරම අදහස වන්නේ ය.

දවස් ගනනක ප්‍රයත්නයකින් පසු මුනුරගේ හිසේ මලක් පිපුණේ ශක්තිය ලබා ගන්නා ආකාරය පිළිබඳ ලියැවුණු පත්තිරු කිහිපයක් හමුවීමත් සමඟ ය. “ හා... හා... දැන් හරි මේ තියෙන්‍‍නේ........ මේ අනුව මෙම විශාල ශක්ති ප්‍රමාණය ලබා ගනුයේ පෘතෘවිය මධ්‍යයෙනි.- එ කියන්නේ අපි පිටතින් ශක්තිය ලබා දීමට අවශ්‍ය නෑ. ලොකු ම ප්‍රස්නය විසඳුණා.”

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යයි. දැන් දැන් ද්වාරය අවට ලබා දෙන ආරක්ෂාව ද අඩු වී ඇත. සැහෙන දවසක් කල්පනා බරිතව සිටි මනුර තම සිතිවිලි සමඟ දැඩි පොරබැදිමකින් පසුව කාල ද්වාරයෙන් යෑමට තීරණයක් ගත්තේ ය. එක් සඳ ඇති දිනයක් එ සඳහා තෝරා ගත්තේ ය. රාත්‍රී අටට පමණ ඔහු එම ස්ථානයට ලඟා විය. ගල් පතුර දෙසට කිටිටු වූ ඔහු එහි සෑම තැනක් ම ඉතා සියුම් ව නිරීක්ෂණය කරමින් අතගාන්නට විය. ටික වෙලාවක් එසේ කරමින් සිටින විට ගල් පතුරෙහි තිබූ මෘදු ස්ථානයක් මනුරයන්ගේ අතින් මිරිකී ගොස් ගල් පතුර රියදුරු සුක්කානම මෙන් සියුම් ශබ්දයක් නන් වමින් ඉහල එසවිය. දැඩි ලෙස බිය වී තිගැස්සුණු මනුර මීටරයක් පමණ ඈතට විසි වී ගොස් වැටිණ. සුක්කානම දෙසින් රතු සහ නිල් කුඩා එළියක් දිස් විය. මී මැසි කැලක මෙන් ගුමු ගුමු නාදයක් හැර වෙන කිසිම ශබ්දයක් නොවීය. එහෙත් ඩග් ඩග් ශබ්දයක් ලඟ ලඟ ම ඇසෙන බව දැනී කලබල වූ මනුර එ ඇසෙනුයේ තමාගේ හෘද ස්පන්දනය බව පසක් වීමට පැය බාගයක් පමණ ගත වී තිබිණ. සිතේ බිය පසක තබා සෙමෙන් සෙමෙන් සුක්කානම ලංවී අත තැබූ විට එය පහසුවෙන් කරකැවිය හැකි බව දැනිණ.

“මේක තාමත් ක්‍රීයාත්මකයි- අර පුස්කොළ පොතේ උදාහරණයේ හැටියට සුසර කරලා බලනවා”

එක එක වෘත උදාහරණයේ ආකාරයට සකස් කල ඔහු පසකට වී ඒ දෙස ඇස-පිය නොහෙලා බලා සිටි. ක්ෂණිකව අඳුරු වූ සුක්කානම ඒ ක්ෂණයෙන් රතු මැණික දීප්තිමත් වී අහස දෙසින් විශාල නිල් සහ කිරි පැහැති ආලෝක ධාරාවක් මනුර ඉදිරියේ මැවී පෙණින.

මනුර උදාහරණයේ ආකාරයට වෙනත් ග්‍රහ ලොවකට ගමන් කරයි ද?

ඇත්තට ම ඇන්ඩෘමීඩා චක්‍රවාටයේ, පෙරගන් සුර්යග්‍රහ මණ්ඩලයේ ගැන්මා කියලා ග්‍රහ ලොවක් තිබේ ද?..............ඊළඟ කොටසින්

Thursday, August 26, 2010

ඩොලර් සමඟ ගමනාන්තය - II


ගමනාන්තය - II

ගෙදර ඉදලා සල්ලි හම්බ කරන්න පුළුවන් තව BUX Site එකක් උඩ banner එකේ තියෙනවා. මෙකෙනුත් Adds බැලුවාම මුදල් දෙනවා හැබැයි $0.01ක් එහෙම නෙවෙයි Add එකකට $10 ක් දෙනවා. මේකේ Alertpay එකෙන් මුදල් ගන්න පුළුවන්, Alertpay accounts හදා ගන්නා හැටි කියන බ්ලොග් තියෙනවා. කැමති අය ඔය උඩ තියෙන Banner එක ක්ලික් කරන්න. (Alertpay ගැන විස්තර අවශ්‍යනම් හ‍රි accounts open කරන්න ඕන නන් දකුණු පැත්තේ උඩම තියෙන link එක click කරන්න) ඔන්න දැන් විද්‍යා-ප්‍රබන්දයේ දෙවන වන කොටස:

පැය බාගයක් පමණ එම ස්තානයෙන් ඉවත් වූ මනුර තමාගේ නැවතුම් පොලට ලඟා විය. එහිදි තමා ලබාගත් ඡායාරූප එකින් එක විශ්ලේෂණය කිරීමේ දී ඒවා රාවණා රජ සමයේ භාවිතා වූ අක්ෂර හා සංකේත බව ප්‍රත්‍යක්ෂ විය. “මේ තියෙන රාවණා අක්ෂර මීට කලින් කොහේදි හරි දැකලා තියෙනවා” මදක් කල්පනා සයුරේහි ගිලී සිට සතුටින් ඉපිලී අවදි වූ මනුර, “හරි හරි අභයගිරි කැණීම් වලින් හමු වූ පුස්-කොල පොත් වල මේ සලකුණු තියෙන පොතක් තිබ්බා මට මතකයි, යන්න ඕනේ අභයගිරි හාමුදුරුවෝ හම්බ වෙන්න.”

වහා නැවතුම් පොලෙන් පිටත් වූ මනුර අභයගිරි පරිශ්‍රයේ පිහිටි කෞතුකාගාරයට පැමිණීමට ගත වූ කාලය මනුරට ද සිතාගත නොහැකි විය.

“මොකද මහත්තයෝ හතිදාගෙන කාලෙකට පස්සේ”

අභයගිරි පරිශ්‍රයේ ස්වාමින්වහන්සේට නමස්කාර කර, සියලු විස්තර කෙටියෙන් පැහැදිලි කර කෞතුකාගාරයේ කොටසක තිබූ පුස්තකාලයට ඇතුළු වීමට අවසර ලබා ගත්තේ ය.

සෑහෙන වෙලාවක් පුස්-කොල පොත් පරික්ෂා කල මනුරට විශේෂ පොතක් ඇස ගැටින. එහි විශේෂත්වය වුයේ පුස් කොල මැද තබ පත්තිරු ද තිබීම ය. මුළු පොත ම ස්කෑන් පෙන් එක භාවිතයෙන් ස්කෑන් කරගෙන ඔහු නැවත තමාගේ නවාතැන් පොලට පැමිණ පරිගණකය ආධාරයෙන් පත්තිරු සියල්ල රාවණා යුනි-කේත භාවිතයෙන් විශ්ලේෂණය කල හැකි අක්ෂර බවට පරිවර්තනය කලේය. දැන් සියලු අක්ෂර සහ සංකේත විශ්ලේෂණය කලහැක. තැටියෙහි මැද ගෝලය පෘතෘවිය සංකේතවත් වන බව සහ ඒහි අද දවස සහ වේලාව දැක්වෙන බව පුස්කොල පොතේ ඇත. මැද සිට දෙවන වළල්ලෙහි විශාල ඉලක්කම් ප්‍රමාණයක් සංඛ්‍යා හයක පෙලක් ලෙස දැක්වේ. එහි රාවණා අක්ෂර වලින් නිෂ්චය කැගත් ස්ථානය ලෙස දක්වා තිබීම මනුරට ප්‍රහේලිකාවක් විය. ප්‍රහේලිකාව විසදීමට පුස්කොල පොතෙහි ඊලඟ පිටු සමත් කම් දැක්වූයෙන් මනුරගේ සිත මලක් මෙන් විකසිත වන්නට වුයේ ය. මෙතෙක් වේලා සොයපු දේ තමාට ලැබුනේ යැයි හැගීමක් ඔහුට දැන්න. ඔහගේ චංචල සිත ක්‍රමක් ක්‍රමයෙන් සැහැල්ලු විය. පරිගණකයේ යතුරු පුවරුව මත ඇඟලි තුඩු මතින් ඇවිද ගිය ඔහු රාවණා අකුරු සිංහල භාෂාවට පරිවර්තනය කලේ සැනකෙණී. “හා..හා...මේ තියෙන්නේ.......මැද තිබෙන ගෝලය පෘතෘවිය සහ අද දිනය ද දෙවන සහ තුන් වන වළලු වල නිශ්චිත ස්ථානය, මොකක් ද මේ හරි හරි විශ්වයේ ගමන් කල යුතු තැන.......” මනුරයන්ට ප්‍රකෘති සිහිය එළවා ගැණීමට නොහැකිව එකම වාක්‍ය දෙ තුන් වරක් කියවන්නට විය. “ඒ කියන්නේ මේ තියෙන්නේ විශ්වය හරහා ගමන් කල හැකි දොරක්, බලමු ඉතුරු ටික නිශ්චිත ස්ථානය යනු විශ්වයේ ගමන් කල යුතු ස්ථානයයි. මෙම ස්ථානය කලින් ගණනය කර සංඛ්‍යා මඟින් දැක්විය යුතුය. හුම්..........හරියට පෘතෘවියේ ස්ථානයක් අක්ෂාංශ හා දේශාංශ වලින් දක්වනවා වගේ” ආකර්ෂණීය වූ සිව්වැනි වළල්ල බැලූ බැල්මට ම හඳුනා ගත හැකි ආකාරයට නිර්මිත ය. එනම් එය කොටස් දොළහකට බෙදා රාශි චක්‍රය දක්වා ඇත. අවසන් තීරුව අංශක 360, කලා සහ විකලා ලෙස බෙදා වෙන් කර ඇත. මේ සියල්ල දහ දොළොස් වතාවක් කියවූ මනුර කල්පනා සයුරෙහි ගිලුණේ ය.

“මේකෙන් විශ්වයේ ඔනැම තැනකට ගමන් කරන්න පුළුවන්, මෙන්න තියෙනවා උදාහරණයක් ඔබට ඇන්ඩෘමීඩා චක්‍රවාටයේ තියෙන පෙරගන් සුර්යග්‍රහ මණ්ඩලයේ පිහිටි ගැන්මා ග්‍රහයාගේ ඇති විශ්ව අධ්‍යන කේන්ද්‍රයට ගමන් කිරීමට පහත ආකාරයට සුසර කරන්න;

දෙ වැනි තීරුව එක, අට, බින්දුව, බින්දුව, හත, නවය,

තුන් වන තීරුව පහ, අට, බින්දුව, එක, හය, හතර,

සිව් වන තීරුව ඔරායන් රාශිය,

පස් වන තීරය අංශක හතලිස්පහ කලා දෙකයි විකලා අටයි. පොඩි ප්‍රස්නයක් තියෙනවා වගේ වෘත්තයක නිශ්චිත තැනක් කොයින් ද? කොටසක් අඩුයි වගේ........”

මනුර අඩු කොටස සොයා ගනී ද?

උදාහරණය අත්හදා බලයි ද?..............ඊළඟ කොටසින්

දකුණු පැත්තේ “ඔබට අවශ්‍ය‍ දේ ” ලෙස දැක්වෙන්නේ ලංකාවේ ආයතනයක් වන talk.lk මඟින් ලබා දෙන වෙළද දැන්වීම් ය. Addsence වෙනුවට විකල්පයක් ලෙස දැක්විය හැක. (Talk adds ලබා ගන්නා හැටි දැන ගැනීමට අවශ්‍ය අයට කියලා දෙන්නම්....) කැමති අයට add Click කිරීමෙන් එම ආයතනයට සහ අපට උදව් වෙන්න පුළුවන්.....

Tuesday, August 17, 2010

මුදල් ඉපයිම සමඟ ගමනාන්තය 1


ඉස්සෙල්ලා ම කියන්න යන්නේ විද්‍යා-ප්‍රබන්දය ගැන නෙවෙයි. ගෙදර ඉදලා සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. මෙකෙත් Adds බැලුවාම මුදල් දෙනවා හැබැයි $0.01ක් එහෙම නෙවෙයි Add එකකට $10 ක් දෙනවා. මේකේ Alertpay එකෙන් මුදල් ගන්න පුළුවන්, Alertpay accounts හදා ගන්නා හැටි කියන බ්ලොග් තියෙනවා. කැමති අය එය උඩ තියෙන Banner (Allstarbux) එක ක්ලික් කරන්න. (Alertpay ගැන විස්තර අවශ්‍යනම් ඉදිරියේ දි කියන්නන්) ඔන්න දැන් විද්‍යා-ප්‍රබන්දයේ පළමුවන කොටස:


මනුර දේශගවෙශකයෙක් පමණක් නොව පුරාවිද්‍යාව‍ට ඉතා ලැදි අයෙකි. ඔහු අවසන් වරට වසරක් පමණ නේපාලයේ සංචාරය කර ලංකාවට පැමිණ මාසයකි. හදිසියෙ ම පුරාවිද්‍යා කැණීම් මඟින් හමු වූ විශේෂිත වෘතාකාර ගල් පතුරක් නිසා මනුරට අනුරාධපුරය බලා යාමට සිත් විය. මෙම ගල් පතුර නැරබීමට තවමත් මහජනයාට විවෘත නොවු බැවින් තමාගේ විදේශ ගවේෂණ සහ පුරාවිද්‍යා පර්යේෂණ පෙන්වා දින තුනක පිරිශ්‍රමයකින් පසුව විශේෂ අවසර පත්‍රයක් ලබාගැනීමට හැකි විය. එහෙත් මනුරගේ බලාපොරොත්තු සියයට පණහකින් පමණ අඩුවීමට හෙතු වූයේ පුරාවිද්‍යා නිලධාරියකු සමඟ යාමට වීම සහ දුරකථන, කැමරා ආදිය රැගෙන යාමට අවසර නොදිමයි.

“මේක නම් ‍ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ...ඝනකම අඟල් පහක් විතර, පොළොව උඩ මඩේ වගේ කිඳා බැහලා , වළලු පහක් තියෙනවා - ඔබතුමාගේ අකමැත්තක් නැත්නම් මම මේක ඇඳගන්නද?”

“කමක් නෑ, හැබැයි ඉක්මන් කරන්න වෙයි. අපිට තියෙන්නේ පැයයි, තව ටිකකින් මෙතැනට කොමසාරිස් තුමා එනවා.”

පුරාවිද්‍යා නිලධාරියාගේ එම වදන් පවසා හමාර වීමට ප්‍රථම මනුර බාගයක් ඇද හමාර ය. පිට වළල්ලේ විවිධ කැටයම් සහිත ලියවැලකි, දෙවැනි වෘතයෙහි කියවිය නොහැකි බ්‍රග්මි අක්ෂර වලින් යුක්ත ය. අනෙක් වෘත වල ඉලක්කම් සහ තරු රටා දොළහ ඇත. මැද වෘතය ගෝලාකාරය එහි යම් චිත්‍රයක් ඇද තිබේ. රාවණා රජ සමයෙහි අක්ෂරයක් යාන්තමට දිස්වේ. එහි කොන් දෙකේ එනම් උතුර සහ දකුණ මුහුණට මුහුණ සිටින සේ නිල් සහ රතු පැහැති මැණික් ගල් දෙකක් ඔබ්බවා ඇත. “ මේ නිර්මාණය මීට වසර දොළොස් දහසකට පෙර විය යුතුයි.” ඒ සමඟ ම දුරකථනයක් නාද වන්නට විය. පුරාවිද්‍යා නිලධාරියා අත දුරකථනයකි. එය නවීන තාක්ෂණයෙන් හෙබි දුරකථනයක් බව මනුරට දැක ගත හැකි විය.

“ මට ඔය ෆෝන් එක විනාඩියකට දෙනවා ද?”

“මොකට ද?”

“ෆෝටෝ එකක් ගන්න”

“මාව ද, තමුසේට පිස්සු ද?”

පුරාවිද්‍යා නිලධාරියාව පැත්තකට කතා කර තමා දන්නා ශිල්ප, වචන හරඹ සියල්ල පෙන්වා සහ නිලධාරියා ද කලේ වැරද්දක් බව පසක් කර දී දුරකතනය ලබා ගැනීමට සමත් වු මනුර එම ස්ථානයේ ඡායාරූප විශාල ප්‍රමාණයක් විවිධ කෝණයන් ගෙන් ලබා ගෙන තමාගේ පරිගණකය වෙත යැවීමට සමත් විය.

මනුර ඡායාරූප වලට කුමක් කරයි ද?

බ්‍රග්මි අක්ෂර කියවීමට සමත් වෙයි ද? ඊළඟ කොටසින්...........

මේ කතාවේ හොඳ නරක අපට දන්වන්න, ඉදිරිය සඳහා ඔබේ අදහස් ඉතා වැදගත්.

Wednesday, August 11, 2010

ගමනාන්තයට පෙරවදනක්....


ගමනාන්තය නම් වු විද්‍යා-ප්‍රබන්දයට පෙරවදනක් සැපයිම මාගේ අරමුණයි. මේ කුඩා සංදේශය එසඳහායි. අදහාගත නොහැකි වු සිදුවීම් මාලාවක් සිදුවිය හැකි ආකාරයට කතුවරයා ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. එසේම මේම කතා ප්‍රවෘතිය විද්‍යා-ප්‍රබන්දයක් පමණක් නොව අතීතය හා මිශ්‍රව ඉදිරිපත් කර තිබීමයි. එය විශේෂත්වයකි. මාගේ සිත් ඇද බැද තබා ගැනීමට සමත් වුයේ එයයි. අදට වඩා අතීතය ඉතා දියුණු මට්ටමක තිබෙන්නට ඇතැයි අපට මිහිපිට ඇති නෂ්ඨාවශේෂ වලින් දැන ගත හැක. උදාහරන වශයෙන් ඊජීප්තුවෙ පිරමීඩ සහ ශ්‍රී ලංකාවේ දාගැබ් දැක්විය හැක.

මේම කථා පුවත ඉතා හොද නිර්මාණයකි. මෙය පාඨක සිත් ඇද ගැනීමට සමත් වනු ඇත. මාගේ කෙටි පෙරවදන මෙතනින් හමාර කරන අතර ඔබතුමන්ලා මෙය කියවා රසයක් ලබනු ඇතැයි සිතමි.

ඒ.ඩි.කුළුප්පුආරච්චි.

පෙරවදන සැපයු ඒ.ඩි.කුළුප්පුආරච්චි මහත්මියට බොහොම ස්තුතියි. පලමු කොටස ලඟදීම ඔයාලා අතට පත්කරනවා.

පොඩි දැන්විම් වගයක් ඇති දකුණු පැත්තේ ක්ලික් කරලා පොඩි සහයෝගයක් ලබා දෙන්න.