Saturday, October 30, 2010

ගමනාන්තය III

ගමනාන්තය - III

අන්තර් ජාලයේ සිදු වූ ප්‍රමාද දෝෂයක් නිසා විද්‍යා ප්‍රබනිධය ඔබ වෙත ගෙන ඒමට නොහැකි වීම ගැන කනගාටුව මුලින් ම ප්‍රකාෂ කරන්න කැමතියි. විද්‍යා ප්‍රබන්ධ වලට කැමති අය කියවලා ඔයාලගේ වටිනා අදහස් ලියලා එවන්න. මෙන්න කියවන්න ගමනාන්තයේ තුන් වන කොටස:

නැවත පුස්කොළ පොත් සියල්ල කිය වූ මනුරට වෘතය මධ්‍යයේ පිටරාමුවෙහි වූ තද රතු සහ නිල් වර්ණයෙන් යුත් මැණික් බදු දිලිසෙන ස්ථාන දෙකක් හමු විය. එසෙම මෙම දෙකෙන් එක් තැනකට ගමනාන්තය සුසර කලයුතු බව අවබෝධ විය. කුමන ස්ථානයට ද යන්න තවමත් ප්‍රහෙලිකාවකි. පුස්කොළ පොත් වල පිටු අතුරු දන් වී ඇති බව ඔහුට දැනින. තවද ඔහුගේ සිතෙහි නලියන තවත් නොවිසිදුනු ප්‍රස්නයක් වූයේ මෙම ගමන් කිරීම සඳහා ශක්තිය ලබාගන්නේ කෙසෙ ද?, කොහෙන් ද? යන්න ය. එක වගේ පුස්කොළ විශාල ප්‍රමාණයක් නිසා විවිධ තොරතුරු අතර මනුර අතරමං වූ සෙයක් ඔහුගේ මුහුණෙන් දිස් විය. කෙසේ හෝ මෙම ශක්ති ප්‍රමාණය සොයා ගත හොත් කාල දොරටුවෙන් ගමන් කිරීම ඔහුගේ පරම අදහස වන්නේ ය.

දවස් ගනනක ප්‍රයත්නයකින් පසු මුනුරගේ හිසේ මලක් පිපුණේ ශක්තිය ලබා ගන්නා ආකාරය පිළිබඳ ලියැවුණු පත්තිරු කිහිපයක් හමුවීමත් සමඟ ය. “ හා... හා... දැන් හරි මේ තියෙන්‍‍නේ........ මේ අනුව මෙම විශාල ශක්ති ප්‍රමාණය ලබා ගනුයේ පෘතෘවිය මධ්‍යයෙනි.- එ කියන්නේ අපි පිටතින් ශක්තිය ලබා දීමට අවශ්‍ය නෑ. ලොකු ම ප්‍රස්නය විසඳුණා.”

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යයි. දැන් දැන් ද්වාරය අවට ලබා දෙන ආරක්ෂාව ද අඩු වී ඇත. සැහෙන දවසක් කල්පනා බරිතව සිටි මනුර තම සිතිවිලි සමඟ දැඩි පොරබැදිමකින් පසුව කාල ද්වාරයෙන් යෑමට තීරණයක් ගත්තේ ය. එක් සඳ ඇති දිනයක් එ සඳහා තෝරා ගත්තේ ය. රාත්‍රී අටට පමණ ඔහු එම ස්ථානයට ලඟා විය. ගල් පතුර දෙසට කිටිටු වූ ඔහු එහි සෑම තැනක් ම ඉතා සියුම් ව නිරීක්ෂණය කරමින් අතගාන්නට විය. ටික වෙලාවක් එසේ කරමින් සිටින විට ගල් පතුරෙහි තිබූ මෘදු ස්ථානයක් මනුරයන්ගේ අතින් මිරිකී ගොස් ගල් පතුර රියදුරු සුක්කානම මෙන් සියුම් ශබ්දයක් නන් වමින් ඉහල එසවිය. දැඩි ලෙස බිය වී තිගැස්සුණු මනුර මීටරයක් පමණ ඈතට විසි වී ගොස් වැටිණ. සුක්කානම දෙසින් රතු සහ නිල් කුඩා එළියක් දිස් විය. මී මැසි කැලක මෙන් ගුමු ගුමු නාදයක් හැර වෙන කිසිම ශබ්දයක් නොවීය. එහෙත් ඩග් ඩග් ශබ්දයක් ලඟ ලඟ ම ඇසෙන බව දැනී කලබල වූ මනුර එ ඇසෙනුයේ තමාගේ හෘද ස්පන්දනය බව පසක් වීමට පැය බාගයක් පමණ ගත වී තිබිණ. සිතේ බිය පසක තබා සෙමෙන් සෙමෙන් සුක්කානම ලංවී අත තැබූ විට එය පහසුවෙන් කරකැවිය හැකි බව දැනිණ.

“මේක තාමත් ක්‍රීයාත්මකයි- අර පුස්කොළ පොතේ උදාහරණයේ හැටියට සුසර කරලා බලනවා”

එක එක වෘත උදාහරණයේ ආකාරයට සකස් කල ඔහු පසකට වී ඒ දෙස ඇස-පිය නොහෙලා බලා සිටි. ක්ෂණිකව අඳුරු වූ සුක්කානම ඒ ක්ෂණයෙන් රතු මැණික දීප්තිමත් වී අහස දෙසින් විශාල නිල් සහ කිරි පැහැති ආලෝක ධාරාවක් මනුර ඉදිරියේ මැවී පෙණින.

මනුර උදාහරණයේ ආකාරයට වෙනත් ග්‍රහ ලොවකට ගමන් කරයි ද?

ඇත්තට ම ඇන්ඩෘමීඩා චක්‍රවාටයේ, පෙරගන් සුර්යග්‍රහ මණ්ඩලයේ ගැන්මා කියලා ග්‍රහ ලොවක් තිබේ ද?..............ඊළඟ කොටසින්